IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සමඟ පැවති තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කරන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 139කට නවතා ගන්නට මතීෂ පතිරණ ප්රමුඛ චෙන්නායි පන්දු බල ඇණියට හැකියාව ලැබුණා.
මෙවර තරගාවලියේ වැඩිම ප්‍රේක්ෂක අවධානය දිනාගත් ක්‍රීඩකයා බවට පත්ව තිබෙන ”බේබි මාලිංග” ලෙස හඳුන්වන මතීෂ පතිරණ සිය පන්දුවාර හතරේදී ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුලු තුනක් බිද දැමුවා.
එහිදි මතීෂ විසින් සිය පන්දුවාර හතරේදී එකදු හතරේ හෝ හයේ පහරක් ප්‍රතිවාදීන්ට ලබා නොදීමත් කැපී පෙනුනා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4කදී ජයග්‍රාහී ලකුණු 140හේ සීමාව පසුකර ගියේ කඩුලු 4ක් පමණක් බිද වැටෙමින්.
එම තරගයේ වීරයා මතීෂ පතිරණයි.
පසුගියවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් මෙම යොවුන් ක්‍රීඩකයා පිළිබ්ඳ කිසිඳු සැළකිල්ලක් නොදක්වා කටයුතු කිරීමේ දී මතීෂ පිළිබඳ අවධානයෙන් පසු වූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ඔහු ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස එක්කර ගන්නේ ඉන්දීයානු රුපියල් ලක්ෂ 20ක මුදලකටයි.
තරඟයෙන් අනතුරුව මෙම යොවුන් ක්‍රීඩකයා ගැන මහේන්ද්‍ර සිං දෝනි පැවසූ අදහස් අතර ඔහු විස්සයි විස්ස ක්‍රීඩකයෙක්, ICC තරඟාවලිය සඳහා යොදාගත යුතු ක්‍රීඩකයෙක්, සෑමවිටම තීරණාත්මක අවස්ථාවන් වල දී ඔහුව භාවිත කළ හැකි මෙන්ම ශ්‍රී ලංකාවට වටින් සම්පතක් බවයි.