සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (3) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡාවක නිරතවී තිබෙනවා.
අනතුරුව ඔහු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද හමු වී තිබුණා.
මැයි 01 වැනිදා මැයි දින රැළියක් බදුල්ලේ දී තනිවම සංවිධානය කළ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මඩොල්සිම ප්‍රදේශයට පැමිණ තම ජනතාවගෙන් සමාව ගතයුතු බව ප්‍රකාශ කළා.
ඒ මීට ඉහත දී මඩොල්සිමේ දී සංවිධානය කර තිබූ ජන හමුවකට විපක්ෂනායකවරයාට පැමිණීමට ආරාධනා කර තිබුණ ද විපක්ෂනායකවරයා ඊට සහභාගිනොවී බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැවති වෙනත් රැස්වීමකට සම්බන්ධ වීම සම්බන්ධයෙන්.