IPL ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කරන්නට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 126ක්.
ලක්නව් සුපර් ජයන්ට්ස් පිළිතුරු ඉනිම පන්දුවාර 19යි පන්දු 5කදී ලකුණු 108කට නවතා ගන්නට බැංගලෝර් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.
මෙම තරග නිමාවිමෙන් පසු ලක්නව් කණ්ඩායමේ පුහුණු උපදේශක ගෞතම් ගාම්බීර් සහ විරාත් කෝලි අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේ මෙලෙසින්.
ඊට හේතුව වූයේ තරගය අවසන් වී විරාත් කෝලි ලක්නව් ක්‍රීඩක කයිල් මේයර්ස් සමඟ කතාබහක නිරතවෙමින් සිටින අතරතුර එය වලක්වන්නට ගාම්බීර් විසින් පියවර ගැනීමත් සමගයි.
උණුසුම් වචන හුවමාරුක් දක්වා තත්ත්වය ඔඩුදුවද්දී, ලක්නව් ක්‍රීඩක ඇෆ්ගනිස්ථානයේ නවීන් උල් හක් ද කෝලි සමඟ බහින් බස්වීමක් ඇතිකර ගත්තා.
2013 IPL තරගාවලිය අතරතුර ද කෝලි – ගාම්බීර් අතර මෙවැනිම වු උණුසුම් තත්වයක් හට ගත්තා.
ක්‍රීඩක චර්යා ධර්ම සංග්‍රහයේ වගන්තියක් උල්ලංඝනය කිරීම හේතුවෙන් විරාත් කෝලිගේ සහ ගෞතම් ගාම්බීර් තරග මුදලින් 100%ක දඩයක් පනවා ඇති අතර නවීන් උල් හක්ට ද තරග මුදලින් 50%ක දඩයක් පනවන්නට ද IPL තරග සංවිධායකයින් විසින් පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.