‘ප්‍රබන්ධයක්’ ලෙස සැලකිය හැකි මන්ත්‍රීවරයෙක් විසින් රචනා කරන ලද ග්රන්ථයකින් පදනමක් නොමැති අසත්‍ය පතුරුවා ඇති බවත් ඒ පිළිබඳව තමන් කනගාටුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චුංග් මහත්මිය පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඇය පෙන්වාදෙන්නේ වසර 75ක් තිසේසේ ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදය, සෛවරීත්වය හා සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කර ඇති බවත් මෙම සම්බන්ධය අනාගතයටත් එක්ව පවත්වාගෙන යන බවත් ඇය පවසයි.
ඇමෙරිකානු තානාපතිවරිය මෙම ට්විටර් ප්‍රකාශය සිදුකර ඇත්තේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා රචිත ‘9 සැඟවුණ කථාව’ සම්බන්ධයෙනි.