2022 මැයි 09 වන දින ප්‍රථම සැලසුම ලෙස අරගලය සිදුකල බලවේග සිදුකිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්රමුඛ හමුදා ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුළ ඝාතනයට ලක්කිරිමට බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේදී ඉන්දියානු සංචාරයකට සහභාගී වී සිටි බවත් එය සැක සහිත කටයුත්තක් බවත් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
‘නවය; සැඟවුනු කතාව’කෘතිය එළිදැක්වීමේ උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙම ප්‍රකාශය කර තිබුණි.මේ සඳහා පිළිතුරු නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ දකුණු ඉන්දීය සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මස 07 දින ඉන්දියාවේ දී පැවති අතර, ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය යටතේ ශ්‍රි ලංකා රජය නියෝජනය කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එමආරක්ෂක සමුළුව සඳහා සහභාගී වූ බවයි.
ඒ අනුව, ඉහත කරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවත්, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොළඹ ආරක්ෂක සමුළුවට සහභාගී වීම සඳහා 2022 ජූලි මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ලද්දේ ශ්‍රී ලංකාවේ එවකට සිටි ජනාධිපතිගේ සහ ආරක්ෂක අමාත්යාංශයේඅනුමැතිය යටතේ බවත්, ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කර සිටී.