2023 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනය පිළියෙළ කිරීම ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචි හේවා ප්රකාශ කරනවා.
සභාපතිවරයා සඳහන් කළේ, ග්රාම නිලධරීන් විසින් නිවෙස් කරා ගොස් තොරතුරු එක්රැස් කිරීම සිදුකරන බවයි.
අලුතින් නම් ඇතුළත් කිරීම සහ නම් ඉවත් කිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ප්රධාන ලේඛනය පිළියෙළ කිරීමට නියමිත බවද සභාපතිවරයා පවසනවා.