එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගමෙන් අල්ලස් මුදල් ලබාගත් පුද්ගලයා වහාම රටට හෙළිකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ එම පෙරමුණු පක්ෂ කාර්යාලයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා.
අමාත්‍යවරයා කියා සිටියේ නෞකාව හිමි සමාගමෙන් කිසියම් පුද්ගලයෙකු අල්ලස් ලබාගෙන ඇත්නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.