මම එජාපයට යන බවට රරනිල් හිතවාදි පච මාධ්‍ය ගෙන යන වාර්තා ප්‍රතික්ෂේප කරනවා. වත්මන් ජනාධිපති එජාපයේ ජනාධිපති නොවේ පොහොට්ටුවේ ජනාධිපතිවරයායි. ඔහුත් සමඟ මම එක්වන බවටත් සජිත් ප්‍රේමදාස මහතා අගමැති තනතුර ලබා ගන්නා බවටත් සජබ පක්ෂයේ 40ක් ආණ්ඩුව ට එකතු වන බවට පැතිර ඇති වාර්තා අසත්‍යයි” යැයි සමගි ජනබල වේගය පක්ෂයේ ජාතික සංව්ධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
සිය නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡා වේදී එසේ පැවසු තිස්ස අත්තනායක මහතා විසින් මෙසේද කීය. “සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වය යටතේ අපි රජයක් පිහිටුවනවා මිසක් රාජපක්ෂවරු න්ගේ අණසකට යටත් පාලනය සමඟ එක්වන්නේ නැති බව මා වගකීමෙන් යුතුව මාධ්‍යයට ප්‍රකාශ කරනවා.
කෙනෙකුගේ දේශපාලන ගමන් මග අනුමාන කර ප්‍රවෘතියක් ලියන්න එපා එය සමාජයට වැරදි මතයක් ලබා දීමක්” යැයි තිස්ස අත්තනායක මහතා වැඩි දුරටත් පවසා සිටියේය.