තනිවම රජයට එකතුවීමට තමන්ගේ කිසිම අදහසක් නොමැති බවත් කුමන පුද්ගලයෙක් හෝ ජනතාව අසරණභාවයේ මුදවයිනම් එය විශාල දෙයක් බවත් පාර්ලමේන්තු මන්ත්රී රාජිත සේනාරත්න මහතා කියයි.
“කාටවත් ආණ්ඩුවට යාමේ බලාපොරොත්තුවක් නෑ. නමුත් මම පැහැදිලිවම කියනවා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය අතර බෙදීම සිදුවුණේ ප්රතිපත්ති නිසා නෙමෙයි. රනිල් වික්රමසිංහ මැතිතුමාගේ දේශපාලන තීන්දු මත.
නමුත් අපි දෙගොල්ලන්ගේම එක ප්රතිපත්ති. මේ ආණ්ඩුව අයි.එම්.එෆ්. ගියානේ. එතකොට අපි දිගින් දිගටම පක්ෂයක් ලෙස කිව්වේ අයි.එම්.එෆ්. යන්න කියලා.
කවුරුහරි මේක ගොඩදානවානම් කවුරුහරි මේ ජනතාව අසරණභාවයෙන් මුදවනවානම් ඒක විශාල දෙයක්.එක කොයිපැත්තෙන් කවුරුකරනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ.
එකතුවෙන එකක් නෙමෙයි මෙතන තියන්නේ සහයෝගය දීම හා විරෝධය දැක්වීමයි. සමහර කොටස් විරෝධය පානවා. තව කොටසක් සහාය දෙනවා. අපේ පක්ෂයේ හර්ෂලා පැහැදිලිවම කිව්වා සහාය දෙනවා කියලා.
තනියෙන් රජයකට එකතුවෙන්න මගේ කිසිම අදහසක් නෑ”