මාර්තු මාසයේ මෙරටට සංචාරකයින් 125,495ක් පැමිණ තිබෙනවා.
2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ මෙම මාසයේ වීම විශේෂයත්වයක්.
රුසියාව, ඉන්දියාව, එංගලන්තය, ජර්මනිය සහ ප්රංශය මෙලෙස සංචාරකයින් පැමිණි රටවල් අතර ප්රධාන වෙනවා.
මේ වසරේ මෙරටට සංචාරකයින් මිලියන 1.5ක් ගෙන්වීමට අපේක්ෂා කළ අතර එම අපේක්ෂාව මිලියන 2 දක්වා ඉහළ නංවා ඇති බවයි සංචාරක ප්රවර්ධන අධිකාරිය සඳහන් කළේ.