ආබාධ හේතුවෙන් වසර දෙකක ආසන්න කාලයක් ක්රිකට් පිටියෙන් ඈත්වීමට සිදුවූ ප්ර වේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නවසීලන්තයට එරෙහිව අද ආරම්භ වූ පළමු විස්සයි20 තරගයට ක්රීඩා කරයි.
ඕක්ලන්ඩ්හි පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙයි.
පන්දුවාර 10ක් අවසානයේදී ශ්රි ලංකා කණ්ඩායම කඩුලු 3ට ලකුණු 98ක් රැස්කරගෙන සිටියි.
කුසල් පෙරේරා පන්දු 21 කදී ලකුණු 27ක් හා චරිත් අසලංක පන්දු 19කදී ලකුණු 25ක් රැස්කරගෙන සිටියි.
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් පන්දු 9 කදී වේගවත් ලකුණු 25ක් රැස්කළේය.
ධනංජයද සිල්වා ලකුණු 15කට දැවී ගියේය.