රටේ ප්රජාතන්ත්රවාදී පද්ධතිය විනාශ කිරීමේ ක්රියාදාමයේ නායකත්වය දරන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ඊයේ (24) පැවසීය.
අර්බුධ රැසක් ඇති වන්නට පෙර මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
රටේ ජනතාවගේ මූලික අයිතියක් වන සර්වජන ඡන්ද බලය සම්පූර්ණයෙන්ම කෙලෙසමින් පළාත් පාලන මැතිවරණය නොපවත්වන්න කුමන්ත්‍රණ ගණනාවක් ජනාධිපතිවරයා ප්රමුඛ රජය ක්‍රියාත්මක කර ඇති බවත් පාර්ලිමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.
ව්‍යවස්ථාදායක අර්බුධයක් බිහි කිරීම තුළින් රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය දැඩි උත්සාහයක නිරත වන බවත් එම උත්සාහ දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා කීවේය.