එල්.එන්.ජී. යටිතල පහසුකම් සංවර්ධනය සහ සැපයුම ඇතුළු බලශක්ති ක්ෂේත්රය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්රයේ ප්‍රධානීන් කණ්ඩායමක් අතර ඊයේ (24) පැවැත්විණි.
මෙහිදී බලශක්ති අංශයේ ආයෝජනයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බවත් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, තෙල් සහ ගෑස් ගවේෂණය සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශ පිළිබඳවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඉන්දීය නියෝජිත පිරිසට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් සහ ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිළිබඳ විශේෂ කාර්ය භාර නිලධාරී ඊෂා ශ්‍රීවාස්තවා ඇතුළු පිරිසක් ඇතුළු වූහ.