හමුදා පාලකයෙක් ජනපති වුණොත් බලාගන්න පුලුවන්-රාජිත

0
117

සුළු කාලයකට හෝ හමුදා පාලකයෙක් රටේ ජනපති වුවහොත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී. අයිතිවාසිකම් අහෝසි වන බවත් එසේ සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වන වාර්ෂික මහා සභා රැස්වීමට (28) එක්වෙමිනි.

මෙහිදී පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“දැන් ඔය කාටත් බලාගන්න පුළුවන් යම් විදියකින්, සුලු කාලයකට හරි ඇවිල්ලා හොද හමුදා පාලකයෙක් ලංකාවට ආවා නම් පාරට බහින එක කොහොම වුනත් තමන්ගේ කාර්යාලවල වැඩ කරන්න කොහොම තත්ත්වයක් තියෙයි ද කියලා බලාගන්න පුළුවන්.

මම දැක්කා අපේ අනික් ජනාධිපති අපේක්ෂකයා කියලා තිබෙනවා පවුලේ අහිංසකම පුද්ගලයා එයා කියලා.

ඒක එයා කියලා වැඩක් නැහැ එයාගේ චරිතාපදානය ලියලා තිබෙනවා එයාගේ හොදම මිත්‍රයා කමල් ගුණරත්න මහත්මයා.

ඒත් හමුදා නායකයෙක්. ඔක්කොම හමුදාවේ කට්ටිය තමයි, කථා කරන්නෙත්, හොද කියන්නෙත්, කථා කරන්නෙත් හමුදාවේ කට්ටිය, සංවිධානය කරන්නෙත් හමුදාවේ කට්ටියමයි, එයා ජනාධිපතිවුනොත් තමුන්නාන්සේලාගේ ගෙවල් වලට එන්නෙත් හමුදාවේ කට්ටිය.

තමුන්නාන්සේලා දැකබලාගෙන යන්න. එයාගේ පොතේ ලියලා තිබෙනවා මේ අහිංසක පුද්ගලයා ගෙදර මොකක් හරි ප්‍රශ්ණයක් වෙලා එක දවසක් ගෙදර ඉන්න කොට බැන්නයි කියලා තමන් කැම කමින් හිටපු පිගාන ඔළුවේ ගහගත්තා කියලා.

අනික් අය ගැන හිතා ගන්න පුළුවන්නේ එතකොට. ඒ කැළල තවම නළලේ තිබෙනවාලු. ඒ තමයි අහිංසක කම, ඒ වාගේම තව එකක් තිබෙනවා ඒතුමාට යම් කෙනෙක් බැන්නාය කියලා කළිසමවත් දාගෙන්නේ නැතිව හන්දියට ගිහින් ඒ මනුස්සයාට ගහලා ආවයි කියලා.

ඉතිං මෙවැනි අහිංසක පුද්ගලයෝ, කවදාවත් දේශපාලනයට ආපු නැති කට්ටිය ඇවිල්ලා. ඔබතුමාලාට මතක ඇති ඔය වගේම කෙනෙක් ඇවිල්ලා කරපු කථාව.

මෙැවැනි අය පාලනයට ආවොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මොකද වෙන්නේ. මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහසේ ජීවත්වීමේ නිදහස, ජීවත්වීමේ අයිතිය නැති වෙනවා. දැන් සුදුවෑන් එන්නේ නැහැ.

කවුරුත් උස්සන් යන්නේ නැහැ. උතුරේ සිට දකුණ දක්වා ඕනෑම කෙනෙක්ට නිදහස ලබා දී තිබෙනවා. මේ අවුරුදු 05 තුල කිසිදු වෘත්තීය සමිති නායකයෙකුට කරදර කරලා නැහැ මේ යහපාලන ආණ්ඩුව. අපි මේ රජය යහපාලන ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක කළා.”