සුදු වෑන් කතාව ගෝඨාගේ ජයග්‍රහණයට බය අය ගෙනයන ප්‍රචාරයක්-විමල්

0
113

ගෝඨාභය රාජපක්ෂ මහතා දරුණු අයෙක් යන ප්‍රකාශය පොදු ජන පෙරමුණේ ජනාධිපති. අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ නියත ජයග්‍රහණය පිළිබඳව බිය වී සිටින මේ රටට සතුරු දෙස් විදෙස් බලවේග ගෙන යන ප්‍රචාරයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ පසුගිය (31) පිළියන්දල නගර ශාලාවේදී පැවැති ‘රකින්නට මව්බිම එකතු වන ජනපවුර’ ජන හමුවෙහි විශේෂ දේශනය සිදු කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ නියත ජයග්‍රහණය පිළිබඳව බිය වී සිටින මේ රටට සතුරු දෙස් විදෙස් බලවේග ගෙන යන ප්‍රචාරය වන්නේ ‘ගෝඨාභය හරි දරුණුයි කියන එක.

ඒ සමගම ‘ගොතපු කතාව’ තමයි සුදු වෑන් කතාව.

මේ පිළිබඳව පොලීසිය භාර අමාත්‍යවරයාව සිටි සාගල රත්නායකට, උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමු කර තිබුණා.

‘2010 – 2015 අතර කාලයේදී සුදු වෑන්වලින් පැහැරගෙන ගිය පිරිස කොපමණ ද? ඔවුන්ගේ නම්, ගම් විස්තර මොනවාද? පැහැරගනු ලැබුවේ කවර දිනයන්වලදී ද?’ වැනි ප්‍රශ්න කිහිපයක් ඊට අයත් වුණා. එවකට පොලීසිය භාර ඇමතිවරයා ඊට කල් ඉල්ලා තිබුණා.

පසුව සාගල රත්නායක ඇමතිවරයා වෙනුවෙන් ඊට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පිළිතුරු ලබා දී තිබුණා. ‘මෙම කාලය තුළ සුදු වෑන්වලින් කිසිවකු පැහැර ගෙන ගිය බවට වාර්තා වී නොමැත. ඒ නිසා ඉතිරි ප්‍රශ්න පැන නොනගී’ කියලයි ඒ පිළිතුරෙහි සඳහන් වුණේ. නැති සුදු වෑන් මැව්වා. ’ සුදු වෑන් ප්‍රබන්ධයක්’ හැදුවා.
එතුමාට රෞද්‍ර ප්‍රතිරූපයක් හදන්නයි එහෙම කළේ. ගෙදර තිබුණු මාළු ටංකියේ මිනීමෝරු හිටියා කියලයි කටකතා මැව්වේ. මමත් ඒ මාළු ටැංකිය දැක තිබෙනවා. එයත් තනිකරම ප්‍රබන්ධයක්. මෙවැනි විසකුරු කතාවලින් මේ රටේ ජනතාවගේ ඔළු කුරුවල් කරන්නයි මේ හදන්නේ.”