යුධ හමුදා ක්‍රීඩා ඇඳුමින් සැරසී මේජර් වරයකු ලෙස හඳුන්වා දුන් පුද්ගලයකු පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිටිපන මුර කුටියේ සෙබළුකු සන්තකේ තිබූ ටි 56 ගිනි අවිය සහ උන්ඩ 120 ක් අඩංගු මැගසින් හතරක් සොරාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය කියයි
සොරාගත් උණ්ඩ තිහක් අඩංගු මැගසිනයක් ඒ ආසන්නයේ බෝක්කුවක් අසළ දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. ඉකුත් තුන් වෙනි දින සවස 6.30 ට පමණමේජර් වරයෙකු බවට හඳුන්වා දෙමින් මුරකුටිය ට පැමිණ තිබූ එම පුද්ගලයා කාර්ය භාර නිලධාරී ගේ නම පවසා සෙබළා ඉදිරිපිටදීම ඔහුට ඇහෙන පරිදි දුරකථන ඇමතුමක් ගෙන ” මචං මම කොල්ලව පොඩ්ඩක් කඩේට යවනවා” යැයි පවසා රුපියල් දෙසීයක් සෙබලාට දී මල්ලි ගිහින් සිගරට් එකකුයි බුලත්විට කුයි අරං වරෙන් යැයි පවසමින් ඕක තියලා පලයන් මම බලාගන්නම් යැයි පවසා ඇතැයි පොලිසිය කියයි.
ඒ අනුව එම සෙබලා විසින් ඔහු සතුව තිබූ ගිනි අවිය සහ මැගසින් අතර එම පුද්ගලයාට භාරදී වෙළඳසැලට ගොස් නැවත පැමිණීමේදී එම පුද්ගලයා එම ස්ථානයේ නොසිට ඇතැයි පොලීසිය කියයි
අදාළ ගිනි අවිය සොරාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ