සීගිරිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයකු සතුව තිබූ ටී56 රාජකාරි ගිනි අවිය සහ පතුරම් 60 ක් අඩංගු ගැබ් දෙක සොරාගත් බව කියන එම කඳවුරේ ම ගුවන් භටයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
2022 නොවැම්බර් 4 වැනි දින මෙම සොරකම සිදුකර තිබූ බව පොලිසිය කියයි.
ගිනි අවියේ අංකය මකා දැමීමට යොදා ගත් ග්‍රයින්ඩරය ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පතරොමි ගැබ් රදවනය කදවුර ආසන්නයේ තිබී සොයාගෙන ඇත.
සැකකාර ප්‍රධාන සැකකරු වන ගුවන් භටයා ගිනි අවිය සොරකම් කිරීමෙන් අනතුරුව ග්‍රයින්ඩරයක් ආධාරයෙන් එහි රහස් අංකය කපා දමා ඇතැයි පොලිසිය කියයි.
සොරා ගත් ගිනි අවිය හා උන්ඩ 60 අඩංගු මැගසින් 2 ප්‍රධාන සැකකරුගේ නිවෙස ආසන්නයේ මඩුවක සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල හා රිදීගම පදිංචි වයස අවුරුදු 32 හා 37 අතර පසුවන්නන්ය
මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ