ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමේ කටයුතු එම සතිය තුළ දී සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීමට අදාළ අයදුම්පත්‍ර කැඳවීම් අවසන් කර ඇති අතර ඒවා විශ්ලේෂණය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව සඳහන්ය.
ඒ අනුව නව සාමාජිකයින් පත් කිරීමට අදාළ මුලික වටයේ සාකච්ඡාවක් මෙම සතියේ දී පැවැත්වීමට නියමිතය.
දැනට ලැබී ඇති අයදුම්පත් 1,600කට අධික සංඛ්‍යාවකින් මුලික සුදුස්සන්ගේ ලේඛනයක් සකස් කිරීමෙන් අනතුරුව කොමිෂන් සභා සාමාජිකයින් තෝරාපත් කර ගැනීම සිදුකෙරෙනු ඇත.
කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් තීරණය ව්‍යවස්ථාදායක සභාව රැස්වීමෙන් අනතුරුව ගැනීමට නියමිතව තිබේ.
මෙම සතියේ අඟහරුවාදා දිනයේ දී සාමාන්‍ය පරිදි ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබුණ ද මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.