රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන්ගේ සහභාගීත්වයෙන් අද (22) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබේ.
ඒ අනුව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් හෙට කොළඹ කොටුවේදී දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත.
ඒ පිළිබඳ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ,
“සියලුම ක්ෂේත්රවල වෘත්තියවේදීන් දහස් ගණනක් හෙට කොළඹට රැස්වෙනවා. මේ තව සංඥාවක් විතරයි. මෙම සියලු ක්ෂේත්‍ර තමන්ගේ රාජකාරීවලින් ඉවත් වුණොත් මේ රට අකර්මන්‍ය වෙන්නත් පුළුවන් කියන කාරණය ආණ්ඩුවට මතක තියාගන්නත් සිද්ධ වෙනවා.”