ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඇතුළු පක්ෂය හැර ගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බවත් ඒ සඳහා නීතිමය කටයුතු කරමින් සිටින බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥා සාගර කාරියවසම් මහතා ඊයේ (2) පැවසීය.
සභාපති ජී. එල්. පීරිස් මහතා පක්ෂය හැරදා ගිය ද කිසිඳු අඩුවක් වී නොමැති බව කී සාගර කාරියවසම් මහතා එවැනි අඩුවක් නොපෙණෙන බව ද සඳහන් කළේය.
එම පෙරමුණ හැරදාගිය පිරිසක් නිර්මාණය කළ ‘හෙලිකොප්ටරය’ ලකුණ සහිත කණ්ඩායම නෙළුම් මාවත හෝ මැඳමුලනට කඩාවැටේ යැයි විශ්වාස කරන බව ද කාරියවසම් මහතා වැඩි දුරටත් සදඟන් කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සංවිධාන කටයුතු පිළිබඳව නෙළුම් මාවත එම පක්ෂ කාර්යාලයේදී ඊයේ (2) පැවැති සාකච්ඡාවකින් පසුව නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.