ලෝක කුසලාන සිහිනය හමුවේ සිංහයින් හොඳ සූදානමක

0
84

දකුණු අප්‍රිකාවට එරෙහිව අද(28) පැවැත්වීමට නියමිත තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව සහ ශාරීරිකව හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි.

එංගලන්තයෙදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මේ සඳහන් කළේය.

අද දින තරගය පැවැත්වීමට නියමිත තණතිල්ල දැනටමත් හොඳ තත්ත්වයේ පසුවන බවත් ඒ හේතුවෙන් මෙම තණතිල්ලේ ලකුණු අතරය පැමිණීමේ හැකියාවක් පවතින බවත් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර අසනීප තත්වයක් හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් අද දින වෛද්‍යවරයෙනු හමුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.