අරලියගහ මන්දිරයේදී සිල් සමාදන් වැඩසටහනක්

0
9

සිසුන් 2500කගේ සහභාගීත්වයෙන් අරලිය ගහ මන්දිරයේදි සිල් සමාදාන ව්‍යාපාරයක් අද(14) පැවැත්වෙයි.

සිසු දම් සරණී විශේෂ ශිල සමාදාන වැඩසටහන සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සිසු දරුදැරියන් 2500 දෙනෙකු සහභාගී වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

අද පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා එය පැවැත්වීමට නියමිතයි.

පොසොන් පොහොය නිමිත්තෙන් පාසල්වලද විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වන අතර අද පාසල් මට්ටමින් ශිල සමාදාන වැඩසහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.