ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (18)පස්වරුවේ පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පස්වරු 02.30ට මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා පැවසුවේය.
ඒ අනුව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම අවලංගු වන බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
කථානායකවරයා අදාළ ප්‍රකාශය සිදුකිරීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කළේය.
කෙසේවෙතත් වාද විවාදවලින් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම්දුන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමද අද පස්වරුවේ සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවය.
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය මසකින් කල්දැමීමට ඊයේ රැස්වූ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තීරණය කර තිබුණි.