අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන අතිශයින්ම වටිනාකමක් නොමැති සහ විශ්වසනීයත්වයෙන් තොර බව ඉරානය පවසයි.
එරට උත්තරීතර නායක මොජ්තාබා කමේනි සෙනසුරාදා ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී ඔහු පෙන්වාදී ඇත්තේ, දෙරට අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළි යළිත් උල්ලංඝනය කරමින් සිටින බව මොජ්තාබා කමේනි අවධාරණය කළේය.
සටන් විරාම ගිවිසුම බිඳවැටීමෙන් අනතුරුව අමෙරිකාව සහ ඉරානය අතර ප්‍රහාර හුවමාරුවීම පසුගිය සතියේ සිට ආරම්භ විය.

