බුත්තල කතරගම ප්රධාන මාර්ගයේ පහළොව කණුව ප්රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
අදාළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූ දෙදෙනා බුත්තල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එක් අයෙක් වැඩිදුර ප්රතිකාර සදහා මොනරාගල දිස්ත්රික් මහ රෝහලට මාරුකර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගෝනගංආර පොලීසිය විසින් ක්රියාත්මකය.
