දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවීමට තීරණය කළ බවය.
එමෙන්ම අනෙකුත් බන්ධනාගාරවල මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.

