ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම හරහා වෙළඳපොළ පොලී අනුපාතය ද ඉහළ යන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අද (26) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රධානතම බලාපොරොත්තුව වන්නේ වෙළඳපොළ පොලී අනුපාතය ඉහළ දැමීම වන බවය.
එනම් අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය යම් ආකාරයකට අඩු කිරීම මෙහි අපේක්ෂාව වන බවද නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.
එමෙන්ම ආර්ථිකයේ කිසිදු හැකිලීමක් මේවන තෙක් සිදුව නොමැති බවත් ඊළඟ වාරික දෙක තුළ ද ආර්ථිකය වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.

