පේරාදෙණිය ප්රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් හිමිනමක් අපවත් වී ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (16) දින පේරාදෙණිය පොලිස් වසමේ පේරාදෙණිය රජවත්ත මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත.
පෙරාදෙණිය සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ හිමිනමකගේ ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ හිමිනම පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී තිබේ.
අපවත් වී ඇත්තේ අවුරුදු 83ක් වූ බෝවලවත්ත ප්රදේශයේ ආරාමයක වැඩවාසය කළ හිමිනමකි.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධව පේරාදෙණිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.

