සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය සුනිල් ශාන්ත එම ධුරයෙන් ඉවත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එම කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා පැවසුවේ, ඉදිරි පරිපාලන කටයුතු සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.
කෙසේවෙතත් ඔහු මෙම ධුරයෙන් ඉවත් කිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වේ.

