“ ඒහි පස්සිකෝ “ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි.
අද (28) දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පාගමන නිදහස් චත්‍රරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.
අනතුරුව පස්වරු 4ට නිදහස් චත්‍රරස්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිතය.
එහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීම සිදුකෙරුණු ඇත.
නිදහස් චතුරස්රයේ සිට පස්වරු 5.30ට යළි ආරම්භ කෙරෙන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ලගාවීමෙන් පසු නිමාවට පත් වේ.

