ටෙහෙරානය සමඟ එකඟතාවයකට පැමිණෙන තෙක් ඉරාන වරායන් මත පනවා ඇති අවහිර කිරීම් ඉවත් නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
යුද්ධය අවසන් කිරීම සඳහා නව සාකච්ඡා පැවැත්වෙන්නේද යන්න පිළිබඳව පවතින අවිනිශ්චිතතාවය මධ්‍යයේ ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය සතියේ ආරම්භ වූ මෙම වරාය අවහිර කිරීම් මගින් ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින බව ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් පවසා ඇත.
එමෙන්ම තම රට මෙම ගැටුමෙන් ඉහළින්ම ජයග්‍රහණය කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

