පොලිස් නිලධාරියකු ලෙස රඟපා උපකාරක පංතියකට සහභාගි වී ආපසු එමින් සිටි අවුරුදු 14 මාස 10 ක් වයසැති දැරියක කළුතර ප්‍රධාන පාලම යටට ගෙන ගොස් දූෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඉකුත් 08 වැනිදා උපකාරක පංතියකට සහභාගි වීමට ගිය දැරිය එය අවසන්වී මතුගම කොළඹ බස් රථයකින් රාත්‍රී 7.00 ට පමණ කළුතරට පැමිණ තිබේ.
ඉන් අනතුරුව නිවසට යෑම සඳහා කළුතර බස් නැවතුම් පොළෙන් කළුතර – පානදුර බස් රථයකට ගොඩ වී සිටියදී මුඛ ආවරණයක් පැළඳ සිටි නාඳුනන අයකු ජනේලයට තට්ටු කර තමා පොලිස් නිලධාරියකු බව අඟවා විස්තර ලබා ගැනීමට පිටතට එන ලෙස දැනුම්දී ඇත.
ඒ අනුව පිටතට පැමිණි දැරිය මොහු විසින් කළුතර ප්‍රධාන පාලම යටට කැඳවාගෙන ගොස් දූෂණය කර එතැනම අතහැර දමා ගොස් ඇතැයි පොලිසිය කියයි.
විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇය කළුතර ගල්ලස්ස ළමා රෝහලට ඇතුළත් කර තිබේ. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණි වීරසූරිය, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උදයකුමාර යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක දිසානායක යන මහත්ම මහත්මීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
පොලිස් නිලධාරීයකූ ලෙස රඟපෑ පුද්ගලයෙක් දැරියක කළුතර පාලම යටට ගෙන ගොස් අතවර කරලා
Previous Articleඅමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

