සිඩ්නි නුවර බොන්ඩායි මුහුදු වෙරළේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අතරතුර තුවක්කුකරුවකු සමඟ පොර බදා ඔහු මෙල්ල කර තුවක්කුව උදුරාගත් 43 හැවිරිදි අහමඩ් අල් අහමඩ් නමැති පලතුරු කඩහිමියා වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියනයකට ආසන්න අරමුදලක් එක්රැස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මීට දශක දෙකකට පෙර සිරියාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔහු ඊයේ වනවිට එරට ජනතාව අතර වීරයකු බවට පත්වි සිටින අතර, ඔහු වෙනුවෙන් රැස් කරන එම අරමුදලට අමෙරිකානු ජාතික බිලියනපතියකු ද ඩොලර් 65,000ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

