ගම්පොල නගරයේ දී ගම්පොල දෙස සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ජීප් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ත්රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ මෙම අනතුර ඊයේ (13) පස්වරුවේ සිදුව ඇති බවය.
ජීප් රථය ඉදිරියෙන් ධාවනය වූ ත්රීරෝද රථයේ ගැටීමේදී ත්රීරෝද රථය පෙරළී ගොස් එහි සිටි රියදුරු හා කුඩා දරුවෙකු ඉන් ඉවතට විසි වී ගොස් තිබේ.
ජීප් රථය ද ඉදිරියටම ධාවනය වී මාර්ග අසල වෙෙළදාම් කරන කරත්තයක හා තවත් ත්රීරෝද රථයක ද ගැටී ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ ත්රීරෝද රථයේ රියදුරු, පිරිමි දරුවා හා වෙළෙදාම් කටයුතුවල යෙදී සිටි පුද්ගලයෙකු ගම්පොල රෝහලට ඇතුළත් කිරීමේ දී පිරිමි දරුවා මියගොස් ඇත.
මිය ගිය දරුවා වයස අවුරුදු තුනහමාරක් වූ ක් වූ ඉල්ලවතුර, ගම්පොල ප්රදේශයේ පදිංචි දරුවෙකි.
අනතුරට අදාළ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර, කළුවාංචිකුඩි, මඩකලපුව – කල්මුණ ප්රධාන මාර්ගයේ ඔන්දච්චිමඩම් ප්රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.
මඩකලපුව දෙස සිට කල්මුණ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් පැදිකරු හා පසුපැදිකරු මාර්ගයේ අසල නවතා තිබූ ත්රීරෝද රථයක ගැටී, යතුරුපැදිය ඉදිරියට ඇදීගෙන ගොස් මාර්ගයේ පැමිණි පාපැදිකරුවෙකුගේ ද ගැටී මෙම අනතුරක් සිදුව ඇත.
ඊයේ (13) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ පැදිකරු, පසුපැදිකරු හා පාපැදිකරු කලවංචිකුඩි රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකරු මියගොස් තිබේ.
පැදිකරු වැඩිදුර ප්රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ අවුරුදු 17 ක් වූ තාන්දාමලය, කොක්කඩිචෝලය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.