ජනතා විමුක්ති පෙරමුණ අද බලයට පත් වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 දී කළ විප්ලවය නිසා යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. සිංහල භාෂාවට මුල් තැන දෙමින් ඉංග්‍රීසි පමණක් භාවිතා වූ පාසල් අධ්‍යාපනයට සිංහල භාෂාව එක් කර ගමේ කොල්ලන්ට ද තැනකට එන්නට අවස්ථාව උදාකර දුන් නිසා අද ජවිපෙ බලයට පැමිණ ඇති බවත් පැවසූ ඇය නව රජය දූෂණය වංචාවට එරෙහිව ක්‍රියා කරනවානම් තම සහායද දක්වන බව සඳහන් කරයි.කෙසේ නමුත් ඔවුනට වර්තමානයේ කඩා වැටී ඇති අධ්‍යාපන නගා සිටුවිය නොහැකි යැයි පවසයි.ඊට හේතුවී ඇත්තේ ටියුෂන් ගුරුවරු ජවිපෙ සමග සිටින නිසා යැයි ද ඇය වැඩි දුරටත් සදහන් කරයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

