ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්රි රෝහිත අබේගුණවර්ධන මහතා පත්කර තිබේ.
ඒ පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වුණේ ඒ මහතාගේ නිල නිවසේදීය.
මේ අතර ඇමති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව පැවැති චෝදනා පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කළ බවත් ඊට අනුව ඉදිරියේදී කටයුතු කිරීමට අදාළ අනුමැතිය ලබාදුන් බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රි ගාමිණී ලොකුගේ මහතා පැවසීය.