එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහිදී ඊයේ (7) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 102 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 429 ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 44.5 කදී ලකුණු 326 කට සීමා විය.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් රැස් කිරීමට සමත් විය.
එම ලකුණු 428 එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කල ඉහළතම ලකුණු සංඛ්‍යාව වේ.
දකුණු අප්‍රිකානු පිල රැස් කළ මෙම ලකුණු 428 ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී ඕනෑම රටක් මෙතෙක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර ඉන්දියාව මීට පෙර 2009 වසරේ රැස් කළ ලකුණු 414 ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස පැවතුණි. කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිලට ආරාධනා කළේය.
දකුණු අප්‍රිකානු පිල ඕවර 50 50 යෙදී කඩුලු 5 ට 428 (කුවින්ටන් ඩී කොක් 100, රෙසල් වෑන්ඩර් ඩුසේන් 108, ඒඩන් මක්රම් 106, හෙන්රිච් ක්ලාසීන් 32, ඩේවිඩ් මිලර් නොදැවී 39, ඩිල්ශාන් මධුසංඛ 86/2)
ශ්‍රී ලංකා පිල ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 326 (කුසල් මෙන්ඩිස් 76, සදීර සමරවික්‍රම 23, චරිත් අසලංක 79, දසුන් ශානක 68, කසුන් රාජිත 33, මාකෝ ජැන්සන් 92/2, ජෙරල්ඩ් කොයිට්ෂි 68/3, කේෂාව් මහරාජ් 62/2)