උතුරේ සිදු කරනු ලබන උද්ඝෝෂණ, විරෝධතා සම්බන්ධයෙන් උතුරේ තරුණයෙකු විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඉදිරිදිපත් කර ඇති බවට වාර්තාවේ. එම ප්‍රකාශය පහත පරිදිවේ.
ආයුබෝවන් මගේ නම සසිකරන් මම කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පුද්ගලයෙකි. අද අපි ආවේ විරෝධතා උද්ඝෝෂණයට. ඊයේ දවස පුරාම අපි කැනීම් කටයුතු සිදුකල ස්ථානයේ සිටියා. මමත් සටන්කරුවෙක්. අපිව මොවුන් ඉත්තෙක් විදිහට තබාගෙන කටයුතු කරනවා. අපිත් ජීවත්වෙන්නේ ඉතා දුෂ්කරත්වයෙන් තමයි. නමුත් මේ වගේ අයවළුන් අපි ලඟට එන්නේ මෙවැනි විරෝධතාවයන් සිදුකරන්නට අවශ්‍ය නම් පමණයි. අපිව භාවිතා කරලා ඔවුන් සැපවත් ජීවිතයක් ගතකරමින් සිටිනවා. මෙම මිනී වල සිද්ධිය 1984 වර්ෂයෙන් පසුව තමයි සිදුවී ඇත්තේ. නැත්නම් දැන් සිදුවී ඇතැයි යනුවෙන් අපහට නිගමනය කරන්නට බැහැ. පෙර යුද්ධයේ අතුරුදහන්වු බවට සමහර අය කියනවා. තවත් සමහර අය කියනවා අවසන් යුද්ධයේ මියගිය අයවළුන්ගේ ඇටසැකිලි කියලා. නමුත් එම ඇටසැකිලි පරීක්ෂා කිරීමෙන් පසූව තමයි අපට ඇත්ත තත්වය දැනගන්න පුළුවන් වන්නේ. ඒ නිසා මම සියළුදෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මිය ගිය මහවිරුවන්ව මේකට සම්බන්ධ කරන්න එපා කියලා.
රවිහරන් මහතා විවිධ දේවල් කථා කරනවා. නමුත් එතුමාට නිවැරදිව කිසිවක් කියන්නට තේරෙන්නේ නෑ. මේක තමයි වීදිය, මේක තමයි ගම්මානය කියලා කියන්නට දන්නේ නෑ. යම් දෙයක් කථා කරනවානම් දැනගෙන කථා කරන්න ඕනි. දන්නැතුව කථා කරලා වැඩක් නෑ. නමුත් අපි පොඩ්ඩ පොඩ්ඩ දන්නවා අපේ වැඩිහිටියන් අපිට එක එක දේවල් කියන නිසා. නැත්නම් අපිත් දන්නේ නෑ. අපි සටන් කරලා තිබෙනවා. අපි සටන්කරුවන්ගැන දන්නවා. ඒ අත්දැකීම මට තිබෙනවා මම ඉපදුනෙත් ඒ ගම්මානයේ තමයි. හැදුනෙත් ඒ ගම්මානයේම තමයි. ඒ නිසා මම දන්නවා. ටික කාලයක් අවතැන්වී සිටියා. ඒත් මුලතිව් දිස්ත්‍රික්කය තුළමයි. මම හොදටෝම දන්නවා විමුක්ති කොටි සංවිධානය සම්බන්ධව. ඒ වගේම දේශපාලාඥයින් සම්බන්ධවත් අපි දන්නවා. අපි ඉල්ලා සිටින්නේ අපේ නම භාවිතා කරලා ජීවත් වෙන්න එපා කියලා.