සමන්ත කුමාර හෙවත් ‘වෙලේසුදා’ සහ ඔහුගේ බිරිඳට,ඥාති සහෝදරියකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අගෝස්තු මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් කෝටි 15කට අධික වත්කම් සහ මුදල් උපයා ගත්තේ යැයි විත්තිකරුවන්ට චෝදනා එල්ලවී ඇත.
මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී අධිකරණය හමුවේ සාක්ෂිදීම සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 06 දෙනෙකුට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.
හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයා ගත් මුදල්වලින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රුපියල් කෝටි 15කට ආසන්න ඉඩම්, නිවාස ඇතුළු වත්කම් අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කළේ යැයි චෝදනා කොට වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.