අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ විදේශ සංචාරයක් හේතුවෙන් පූජ්‍ය අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ට ගුවන්යානය මග හැරුණු බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි. ඒ. චන්ද්‍රසිරි පවසනවා.
කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ අද ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් බ්‍රිතාන්‍ය ජාතික පූජ්‍ය අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන් ඉකුත් 31 වැනිදා විදෙස්ගතවීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ උන්වහන්සේව නිසි වේලාවට ගුවන්යානය වෙත රැගෙන යාමට කටයුතු නොකිරීමෙන් පැය 12ක පමණ කාලයක් එහි රැඳී සිටීම සිදු වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් අප්‍රසාදය පළ වූ අතර පළ වූ අතර පූජ්‍ය අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වැඩසටහනකදී මේ සම්බන්ධයෙන් තමන් වහන්සේ පත්වූ අපහසුතාව පිළිබඳව පවසා තිබුණා.
මෙවැනි පසුබිමක ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි. ඒ. චන්ද්‍රසිරි පැවසුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ විදේශ සංචාරයක් හේතුවෙන් පූජ්‍ය අජාන් බ්‍රහ්මවන්සෝ හිමියන්ට ගුවන්යානය මග හැරුණු බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.