හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දකුණු කොරියාවේ පැවති ලෝක සාම සම්මේලනයට සහභාගි වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ගිවිසුම් ගතවීම හරහා මෙරට තුළ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ක්‍රමයෙන් ස්ථාපනය කෙරෙන බවයි එහි දී ඔහු ප්‍රකාශ කළේ.
ආසියාව කේන්ද්‍ර කරගත් නව ජගත් සංවිධානයක් ලෙස ලෝක සාම සම්මේලනය ගොඩනැගෙමින් පවතින බවත් එය කාලීන අවශ්‍යතාවක් බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් මෙරට තුළ පවතින ආර්ථික අර්බුදය තවමත් ප්‍රකෘත්ති මට්ටමට පත්ව නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කළේ.
ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවීම නිසා පාසල් ළමයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ සාමය හා සංහිදියාව ස්ථාපනය කිරීමට තමන් ගත් වැඩපිළිවෙල මෙම ආරාධනය හරහා ඇගයීමට ලක්කර ඇති බවයි.