ප්රවීණ රංගන ශිල්පී ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනිම් සිටියදී ඔහු දිවි ගමනට සමු දී තිබෙනවා.
පරාක්රම ද සිල්වාගේ “හෙවණැලි ඇද මිනිස්සු” චිත්රපටයෙන් සිංහල සිනමාවට පිවිසි ඔහු “සප්ත කන්යා”, “කුලගෙය” සහ “සෙයිලම” වැනි චිත්රපට රාශියක් ඔස්සේ රසික ආදරය දිනා ගැනීමට ඔහු සමත් වුණා..
ඔහුගේ දේහය (05) දින 9.30 සිට ඇල්විටිගල මාවත ජයරත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.