ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව අතර පවතින සහෝදර බැදීම පිළිබඳව මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා මහ නාහිමිවරුන් දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය 20 වනදා ගෝලීය බෞද්ධ සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සිදුකළ දේශනය මල්වතු අස්ගිරි නා හිමිවරු විසින් අගය කිරීමට ලක්කර තිබේ.
බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව සැමගේ සුබසිද්ධිය සඳහා ඉන්දියාව විසින් ගෙන ඇති පියවර පිළිබඳව ද මහනාහිමිවරුන් ඉන්දීය මහකොමසාරිස්වරයාට ස්තූතිය පළකර ඇති බව වාර්තා වෙයි.
දෙරටේ ජනතාව අතර ඉහළ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමේ ප්රතිලාභ සහ සංස්කෘතික ක්ෂේත්රය තුළ වඩාත් ශක්තිමත් සහයෝගීතාවක් ඇතිකර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.