පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පොලිස් නිලධාරීන් ඍජුව කටයුතු කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින පැවති කළුතර – කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කළ පොලිස් නිලධාරීන් 189 දෙනෙකු විසිර යාමේ උත්සවයේදී අදහස් දක්වමින්.
මෙහිදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 167 දෙනෙකු සහ ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරුන් විසි දෙදෙනෙකු විසිර ගියා.
එම උත්සවය අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කියා සිටියේ පාතාලය මැඩලීමට සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ගෙන යන වැඩපිළිවෙලට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි.