රටේ බැංකුවල ඉහළ වෘත්තීයවේදීන් 3800ට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුගිය 16වන දා දකුණු කොරියාවේ තේතු නගරයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින්.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු හතර දෙනාම රට හැර ගොස් ඇති නිසා ළමා රෝග ඒකකය වසා දැමීමට සිදුව ඇති බවත්, මෙසේ වෘත්තීයවේදීන් රට හැර යාම රටෙහි සංවර්ධනයට ප්රබලවම බලපානු ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.
එමෙන්ම වැඩිදුර අදහස් දක්වමින් ඔහු පැවසූවේ කැළණිය විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයට අවශ්‍ය ආචාර්යවරු ගණන 26 ක් වුවත් දැන් සිටින්නේ හතර දෙනෙකු පමණක් වන බවයි.