කොළඹ – කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (04) දහවල් වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත විරෝධතාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම ස්ථානයේ විරෝධතාවයේ නිරතවන පිරිසට, ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ මුදල් අමාත්‍යංශයට ඇතුළු වීම තහනම් කරමිනුයි මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.
කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ත්‍රස්ත පනත, රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගනිමිනුයි ඒකාබද්ධ වෘත්තීය එකමුතුව මෙම විරෝධතාව සැලසුම් කර ඇත්තේ.