Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»මානව හිමිකම් කොමිසමට යන්නේ නැහැ – ටිරාන් අලස්ගෙන් ප්‍රකාශයක්
    Featured

    මානව හිමිකම් කොමිසමට යන්නේ නැහැ – ටිරාන් අලස්ගෙන් ප්‍රකාශයක්

    By LFNMarch 12, 2023No Comments2 Mins Read79 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් හෙට දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. නිසි ක්‍රමවේදය යටතේ තමන් කොමිසමට කැඳවීම සිදුකර නොමැති තත්ත්වයක් මත කොමිසම හමුවේ පෙනී නොසිටින බවයි නෙත් නිවුස් කළ විමසීකදී අමාත්‍යවරයා පැවසුවේ.

    පසුගිය දින කිහිපයේ කොළඹ සහ කැළණිය විශ්ව විද්‍යාල අවට පැවති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබුණා.

    ඒ අනුව මෙම උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියා පිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හෙට දිනයේ කැඳවූ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කළේ.
    එලෙස අමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවීමට සභාපතිනිය ගත් තීරණය සම්බන්ධයෙන් සෙසු සාමාජිකයන් සිව් දෙනා නොදන්නා බවයි වාර්තා වන්නේ.

    මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක නොකරන පුද්ගලයින්ට එරෙහිව එම කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණය හෝ වෙනත් ආයතනයක් හමුවේ ක්‍රියා කිරීමට හැකියාව නොමැති බව මානව හිමිකම් ක්‍රියාකාරී ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා පැවසුවා.

    මේ අතර දේශපාලන උපදේශනය, සාකච්ඡා මාර්ගයෙන් එකඟතා ඇතිකරගැනීම, ජාලකරණය සහ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අභ්‍යන්තර කණ්ඩායම් ගොඩනැගීම පිළිබඳව සැසියක් පවත්වා තිබෙනවා. ඒ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ විසින්. විදේශ අමාත්‍යාංශයේ විදේශ සේවා නිලධාරීන් හා විදේශ දූත මණ්ඩල නිලධාරීන් වෙනුවෙන් මෙම සැසිය පවත්වා ඇත්තේ අන්තර්ජාලය ඔස්සේයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023

    රාමසාන් උපවාසය සිකුරාදා සිට

    March 23, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    2023 ක්‍රිකට් ලෝක කුසලානය ගැන අලුත්ම ආරංචියක්

    March 23, 2023063 Views

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මාසයේ 05 වනදා ආරම්භවීමට වැඩි ඉඩකඩක් පවතින බව විදෙස්…

    රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

    March 23, 2023

    ඡන්දෙ ගැන හෙට තවත් සාකච්ඡාවක්

    March 23, 2023

    මුදල් විනාශ වූ අයුරු ජනපති පැහැදිලි කරයි

    March 23, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.