Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට උත්සවාකාරයෙන්
    Featured

    පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට උත්සවාකාරයෙන්

    By LFNFebruary 7, 2023No Comments1 Min Read74 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට (08) විවෘත කිරීමට නියමිතව තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

    සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙ.ව 10.00ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

    නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

    ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව අනිද්දා පෙ.ව 9.30 දක්වා සභාව කල්තැබීමට නියමිතය.

    නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අගවිනිසුරුතුමා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිතුමා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    ආර්ථික අර්බුදය ගැන විගණකාධිපති වාර්තාව ලැබෙයි

    March 23, 2023058 Views

    ආර්ථික අර්බුදය මතුවූ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පමා කිරීම ඇතුළු කාරණා කිහිපයක්…

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    March 23, 2023

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.