Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»මිලියන 16ක ගංජා සමග 3ක් කොටුවෙයි
    Local News

    මිලියන 16ක ගංජා සමග 3ක් කොටුවෙයි

    By 24x7January 25, 2023No Comments2 Mins Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (25දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 49 කට අධික තොගයක් (‍තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය මඟින්, යාපනය, ‍ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, උරයක් තුළ පාර්සල් 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 20 ග්‍රෑම් 900 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    තවද, එම මුහුදු ප්‍රදේශයේ උතුරු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය නෞකාව යොදවා සිදුකල වැඩිදුර සෝදිසි මෙහෙයුමේදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ සැකකරුවන් විසින් මුහුදට දමා තිබූ තවත් උරයක් සොයා ගන්නා ලද අතර, එහි තිබී පාර්සල් 11 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 29 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

    මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 16 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

    කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 25 ත් 42 ත් අතරේ වයසේ පසුවන සැකකරුවන් තිදෙනා යාපනය මණ්ඩතිව්, වෙත්තලකේනි සහ තාලයඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් තිදෙනා කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට් පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මිලියන 300කට රැකියා අහිමිවෙයි ?

    March 29, 2023082 Views

    කෘතීම බුද්ධිය හේතුවෙන් පුද්ගලයින් මිලියන 300කට පමණ ස්ථීර රැකියා අහිමිවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ…

    බස් ගාස්තුවත් වෙනස් වෙයි

    March 29, 2023

    ඉන්ධන මිල සංශෝධනය කෙරේ

    March 29, 2023

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.