Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»වෙළෙඳ ගිවිසුමක් ගැන වැදගත් සාකච්ඡාවක්
    Featured

    වෙළෙඳ ගිවිසුමක් ගැන වැදගත් සාකච්ඡාවක්

    By LFNJanuary 9, 2023No Comments2 Mins Read42 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අදින් (09) ආරම්භ වීමට නියමිතව තිබේ.

    ඊට සහභාගීවීමට තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් 26දෙනෙකුගෙන් සමන්විත විශේෂ නියෝජිත කණ්ඩායමක් ඊයේ (08) දිවයිනට පැමිණියේය.

    ඒ අනුව දෙරට අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා අද සහ හෙට (10) යන දින දෙක තුළ කොළඹදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

    භාණ්ඩ වෙළෙඳාම, සේවා වෙළෙඳාම, ආයෝජන, ප්‍රභවස්ථාන රීති, රේගු සහයෝගීතාව හා වෙළෙඳාම් පහසුකරණය සහ ආර්ථික සහයෝගීතාව යන ක්ෂේත්‍ර පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිතය.

    තායිලන්තයට වාසිදායක වෙළෙඳ ශේෂයක් පවතින පසුබිමක් තුළ මෙම සාකච්ඡා ආරම්භ කෙරෙන අතර තායිලන්ත ප්‍රවේශය හරහා මෙරට අපනයන ක්ෂේත්‍රයන් වැඩිදියුණු කිරීම සහ වෙළෙඳාමට පවතින තීරුබදු නොවන වෙළෙඳ බාධක අඩු කිරීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ.

    ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම 2024 පළමු කාර්තුවේ දී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන අතර, දේශීය වාණිජ මණ්ඩල හා කර්මාන්ත සංගම් විසින් ඉදිරිපත් කරන ලද නිශ්චිත ඉල්ලීම් පිළිබඳව ද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත.

    දෙරට අතර පවතින ඓතිහාසික රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනිමට සහ නිමි භාණ්ඩ අපනයන වර්ධනය කරගැනීම හරහා දෙරටෙහි ම සංවර්ධන ප්‍රයත්නයන්හි වැදගත් අංගයක් වන ජාත්‍යන්තර වෙළෙඳාමෙහි විශාල ප්‍රගමනයක් ඇති කර ගැනීමට ද රජය මෙමඟින් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023414 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023398 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    විදුලි ගාස්තුව – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    March 22, 2023076 Views

    විදුලි ගාස්තු වැඩිකිරීමට එරෙහිව ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණය බලරහිත…

    මත්ද්‍රවය ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

    March 22, 2023

    මැතිවරණය කල් යෑමෙන් පීඩාවට පත්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙන්න – මෛත්‍රී ගෙන් ජනපතිට ලිපියක්

    March 22, 2023

    වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ

    March 22, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.